The Deputy Principal of our Scout School, Miss. W. Nawoda Chamalki Lowe

The Deputy Principal of our Scout School, Miss. W. Nawoda Chamalki Lowe, who is also the Assistant District Commissioner - media and Messenger of Peace coordinator of Chilaw District Branch was awarded the President's Scout Award's certificate from His Excellency the President Gotabaya Rajapaksha today, 23/02/2022 at the President's Secretariat. She is the first President Scout from our Scout School and she has also been able to add her name to history as the first Girl Scout from Chilaw District Branch to be awarded the President's Scout Award.

On the same day, another two girl scouts of our Scout School, Gagni Thanya and Dahamni Thimanya was awarded the President's Scout Award's Certificate at the Provincial Governor’s Office. The photographs of them will be uploaded soon.

අද දින 23/02/2022 අප බාලදක්ෂ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි හා හලාවත දිසාවේ සා.දි.කො. මාධ්‍ය හා සාමයේ පණිවිඩකරු දිස්ත්‍රික් සම්බන්ධීකාරක, ඩබ්. නවෝදා චමල්කි ලෝව් මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති බාලදක්ෂ ප්‍රධානයේ සහතික පත්‍රය ලබාගන්නා ලදී. ඇය අප බාලදක්ෂ පාසලෙන් බිහි වූ ප්‍රථම ජනාධිපති බාලදක්ෂ බාලිකාව වන අතර හලාවත දිස්ත්‍රික්කයෙන් ජනාධිපති බාලදක්ෂ සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම බාලදක්ෂ බාලිකාව ලෙස ඉතිහාසයට එක් වූවාය.

මෙදිනම අප පාසලේ තවත් බාලදක්ෂ බාලිකාවන් දෙදෙනෙකු වන ගග්නි තාන්‍යා සහ දහම්නි තිමාන්‍යා ද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී, ආණ්ඩුකාර තුමා අතින් ජනාධිපති බාලදක්ෂ සහතිකය ලබා ගන්නා ලදී. ඒ අයගේ ඡායාරූප ද ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.